ලංකාවේ කෙටි චිත්‍රපට නිර්මාණකරුවකු විදියට මෑතක සිට මට හිතුන දෙයක් තමයි ලංකාවේ තැන තැන විසිරිලා තියන කෙටි චිත්‍රපට එකම තැනකට එකතු කලොත් එය නරඹන ඕනෑම කෙනෙක්ට පහසුවක් වේවි නේද කියා. එමෙන්ම ලංකාවේ කෙටි චිත්‍රපට නිර්මාණකරුවනගේ දියුණුව වෙනුවෙන් මේ වගෙ දෙයක් කිරීම වැදගත් වේවි කියලත් හිතුනා.
පැහැදිලි කිරීමක් ලෙස...
කෙටි චිත්‍රපට එකතු වූ වෙබ් අඩවියක් නිර්මාණය කරන්න හිතුනා. එය මෙසෙය...
ඔයත් කෙටි චිත්‍රපට නිර්මාණකරුවකු නම් ඔබගෙ නිර්මාණ මේ වෙනුවෙන් ඉදිරිපත් කරන්න කියලා ආරාධනා කරනවා. මුලින්ම කියන්න ඕනේ එම චිත්‍රපට Download කරමින් යලි Upload කිරීමක් සිදු කරන්නෙ නැහැ.
එහිදි ඔබගේ චිත්‍රපටයේ යූටුයුබ් සබැඳියම මෙම අඩවියට එකතු කරන ක්‍රමවේදයක් තමයි ක්‍රියාවට නැංවෙන්නෙ.
වෙබ් අඩවියෙන් සිදු වන්නේ විවිධ වූ කෙටි චිත්‍රපටයන් වර්ගීකරණය කොට එහි නිර්මාණකරුවනගේ තොරතුරුද ඇතුලත් කරමින් එකතු කිරීමයි. වර්ගීකරණය යනුවෙන් අදහස් කලේ Action / Horror / Drama ආදී ලෙසට...
මෙම අදහසට අනුව එවැන්නක් කාලයක් පටන් මට කරන්නට උවමනාවක් තිබුනේ ලංකාවේ ගොඩක් කෙටි චිත්‍රපට නිර්මාණය වනවා. පෞද්ගලිකව මට දැනගන්න ලැබෙන සෑම කෙටි චිත්‍රපටයක්ම මම නරඹනවා.. ඒ ඒවා සොයමින්ය. ඉතින් ඒ හැම චිත්‍රපටයක්ම එකම තැනක තිබුනොත් ඕනෑම කෙනෙකුට සොයා ගන්න එය පහසුවක් වනු නොඅනුමානය. මේ අරමුණ ඇතිව තමයි මෙවැන්නක් කිරීමට මට සිතුනෙ. පුලුවන් විදියට මුල්ම පියවරක් ලෙස බ්ලොග් අඩවියක් නිර්මාණය කරනවා. කෙමෙන් කෙමෙන් එය දියුණු කිරීමට බලාපොරොත්තු සහිතයි.
ඉතින් ඔයත් කෙටි චිත්‍රපට නිර්මාණකරුවකු නම්, මේ අවස්ථාව ඔයාට. එකතුවෙන්න කියලා ආරාධනා කරනවා. ඔයා දන්නා හදුනනා හැමෝටම මේ පණිවිඩය දෙන්න පුලුවන් නම් ලංකාවේ තැන තැන තියන සියලුම කෙටි චිත්‍රපට එකම එක තැනකට ගන්න පුලුවන් වේවී.
පිළිවෙලට කරන්න අවශ්‍ය නිසා පළමු පියවර ලෙස චිත්‍රපට එකතු කර ගැනීමට ක්‍රමවේදයක් හැදුවා. පහත ඇති සබැඳියෙන් (Link
) එම පෝරමය සම්පූර්ණ කර ඔබේ කෙටි චිත්‍රපට නිර්මාණ එකතු කරන්න.

ලොකු පොඩි / ප්‍රවීණ නවක, ඕනෑම අයකුගේ කෙටි චිත්‍රපට වෙනුවෙන් මෙහි ඉඩ තිබෙනවා. අඩුපාඩු තිබෙන්නට පුලුවන් නිසා ඔබේ අදහස් ඇතොත් කමෙන්ට් කරන්න..
ස්තූතියි 



ලක්ෂාන් පෙරේරා